ශ්‍රීරී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 1877දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.


ඒ, හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මතය.



ඒ අනුව, සාමාන්‍ය නැවි තනතුර දක්වා නාවිකයන් 489 ක් ද, බලනැවි තනතුර දක්වා නාවිකයින් 264 ක් ද, නායක නැවි තනතුර දක්වා නාවිකයින් 625 ක් සහ ප්‍රධාන සුළු නිලධාරි තනතුර දක්වා නාවිකයින් 499 ක් වශයෙන් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 1877 ක් ඊළඟ තනතුර දක්වා උසස් කර තිබේ.