ඖෂධ 156ක් මේ වන විටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රමාණවත්ව නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.


තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට බව රවී කුමුදේශ් පෙන්වා දෙයි.


ඒ අනුව ජනවාරි වන විට ඖෂධ 300 ක පමණ හිඟයක් ඇති වියහැකි බවත් ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් ඒ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීය.