මේ දවස්වල ගොඩක් දෙනා කතා කරන පුවතක් බවට මේ ONMAX DT මූල්‍ය වංචාව පත් වෙලා...


ඉතින් ඒ ගැන මිනිසුන් එක එක විදිහට හඬ නගද්දී, මේ වංචාවට සම්බන්ධ බලධාරීන් සොයා ඊට අදාල පර්‍යේෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වුණා...

මේ කියන්න යන්නේ ඒ ගැන ඇහෙන අලුත්ම ආරංචිය... ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ...