ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන දෙසැම්බර් මාසය තුළ ලබාගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (24) සඳහන් කළේය.


ඒ මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ, ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවය.


IMF පළමු ඇගයීමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් විදේශ මුදල් ලැබීම තුළින් රජයේ අයවැය හිඟය පියවා ගැනීමට පිටුවහලක් ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.