2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නිදහස් කර තිබේ.


ඒ අනුව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කර ඇත.


එමෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දසුන් ශානක නිදහස් කර තිබේ.



මීට අමතරව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ සංචිතයෙන් නිදහස් කර තිබේ.


එම ක්‍රීඩකයින්ට නැවත අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීමට හැකි වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසියේදි ගනු ලබන තීරණ අනුවය.


ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය.