හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද (18) උදෑසන කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පැවැත්වුණි.


ඒ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙනි.


මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.



එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,


"මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්"