නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සභාපතිත්වයට කාන්තාවක් නම් කර තිබේ.


ඇය නමින් ඩයානා ලින්ඩන් ය.


නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට ඇය පත්කරනු ඇති බව නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.



ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ද වූවාය.


ඩයනා ලින්ඩන්ට පරිපාලනමය අත්දැකීම් සම්භාරයක් ඇති අතර ඇය නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට පළමුව සම්බන්ධ වී ඇත්තේ 2017 වසරේ දීය.