ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකා බංග්ලාදේශය අතර පැවති තරඟය ගැන බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ද මාධ්‍ය හමුවේ සිය අදහස් දක්වා සිටියේය. 


තරඟයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට කිසිම කණගාටුවක් නොමැති බවයි ඔහු පළමුවෙන්ම ප්‍රකාශ කළේය. 



හිස් වැසුම පැළදීම නියමිත වේලාවට සිදු නොවූ අතර ඒ නිසා ඇන්ජලෝ දැවී ගියා , එය ක්‍රීඩාවේ නීතියක් බවත් ඔහු පැවසීය. 



"මම ඇන්ජලෝව දන්නේ 2006 ඉඳලා , ඔහු අවාසනාවන්තයි . නමුත් නීතිය තුළ සිට. ''


මාධ්‍යවේදියෙකු එහිදි විමසා සිටියේ ශකීබ්ට එසේ වුණා නම් කුමක් සිදුවේද , යනුවෙනි . එවිට තමන් එසේ නොවීමට වග බලාගන්නා බව ශකීබ් පැවසීය.