ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් අනාගතය ශක්තිමත් කරන අය වැයක් අපට ඉදිරිපත් කරන්න හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බ පැවසීය.


"ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් අනාගතය ශක්තිමත් කරන අය වැයක් අපට ඉදිරිපත් කරන්න හැකිවුණා. ක්‍රමානුකූලව විද්‍යාත්මකව ප්‍රශ්නවලට විසඳිය යුතුයි. සුරංගනා ලෝක මැවීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අප අනුගමනය කරන පිළිවෙත නවතා දැමූ සිදුවන්නේ කුමක්ද. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිසංස්කරණ වැඩසටහන නැති වෙනවා .ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන නතර වෙනවා.


විදේශ විනිමය හිඟවීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා.බඩුමිල සහ උද්ධමනය හිතාගන්න බැරි තරම් වැඩි වේවි.මූල්‍ය අරමුදල වැඩසටහන අනුමත වූ දා සිට ලැබෙන විදේශ මූල්‍ය හා ආධාර නතර වෙනවා එහෙම වුනොත් නැවත අප ආර්ථික අගාධයට ලිස්සා ඇද වැටෙනවා.ආපහු එහෙම වුනොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිම කෙනෙක් ඉදිරිපත් වන්නේ නැහැ. ඔබ යෝජනා කරන්නේ ඒක ද.


ලංකාව ලෙබනනයක් කරන්න ඕනෙද කියා මා විපක්ෂයෙන් අහනවා.


ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් උරුමයක්ද ? සාඩම්බර හිමිකමක් ද රට ගොඩනගන වැඩපිළිවෙළට එකතු වෙන ලෙස විපක්ෂයේ සියලු දෙනාගෙන් ඉල් සිටිනවා. අපට වඩා හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය මේ සභාවට ඉදිරිපත් කරන්න.


අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න."