ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේ ඉන්ඳය කණ්ඩායමේ පරාජය දරාගත නොහැකිව ඉන්දීය පුද්ගලයින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඉන්දියාවේ බටහිර බෙන්ගාලේ 23 හැවිරිදි තරුණයෙක් පරාජයේ වේදනාව දරාගත නොහැකිව ගෙල නැළලාගෙන මියගොස් තිබෙන අතර ගුවහාටි නුවර පුද්ගලයෙන්ද මෙම පරාජය දරාගත නොහැකිව කම්පනයෙන් මියගොස් තිබේ.


මේ අතර ඔඩීශා ප්‍රාන්තයේ ජයපූර්හි තරුණයෙක්ද පරාජය දරාගත නොහැකිව කම්පනයට පත්ව සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.