සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ ගායන ලෝකය තුළ ආකර්ෂණීය කටහඬකට උරුමකම් කියන සුන්දර ගායිකාවක්.ඇයගේ ගීතවලට ආදරය කරන ප්‍රේක්ෂකයන් රැසක් ඉන්නවා. අතුල සමිතා කියන සුසංයෝගයට ආදරේ කරන ප්‍රේක්ෂකයන් රැසක්  තවමත් ඔවුන්ගේ ගීත රසවිඳිනවා.

කොහොම නමුත් මේ වෙද්දි අතුලගෙන් වෙන්වෙලා ඉතාමත් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන සමිතා පසුගිය කාල සීමාවේ දිඋ ආදරණීය දියණියගේ විවාහයත් එක්ක ටිකක් කාර්යබහුල වුණා.ජීවිතයට කොයි තරම් ප්‍රශ්න ආවත් ඇය තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා පණ වගේ බලාගන්න කවදාවත් අමතක කළේ නැහැ.ඒ විතරක් නෙමේ සමිතාගේ ආදරණීය පුතාට සමාජයේ නොයෙකුත් දෙනා විවිධ කට  කතාවන් නිර්මාණය කළා.නමුත් ඒ කිසිම දෙයකට සමිතව නවත්තන්න බැරි වුණා.

ඒ වගේ පසුගිය දවසක ඇයගේ ආදරණීය පුතා ශේන් අධිකාරිගේ උපන්දින යෙදුණා. ඇය තමන්ගේ එකම පුතාගේ උපන් දිනය දවසේ හරිම සංවේදීයි  සටහනක් මුහුණු පොතට එකතු කරන්නත් අමතක කළේ නැහැ.ඒ ආකාරයෙන් ඇය එක් කළ සටහන පහතින් දක්වා ඇත.ඒ වගේම අපේ ශේන් අධිකාරිට සුබ උපන්දිනයකට ආසිරි එක් කරන්නේමු.

'Happy Birthday මගේ රත්තරන් චූටි පන

❤️🌏අම්මි ගොඩක් පින් කරලා තියනවා මගේ පුතා වගේ හොඳ පුතෙක් ලබන්න😘❤️🌏 මගේ පුතා අම්මි වගේම ගොඩක් ඉවසන කෙනෙක්.. කවුරු මොනවා කිවුවත් මගේ පුතා එවා ගනන් ගත්තේ නෑ කවදාවත්ම.. හැමදාටම හිනා වෙලා මගේ පුතා හිටියා.. මගේ පුතාට එක එක දේවල් කියන අය කිසිම සතුටක් නැතුව හැමදාම දුකින් ජීවත් වෙන්නේ මගේ පුතේ..ඒ අය ලබන ආත්මෙ හරි සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන කියලා අපි ප්රාර්ථනා කරමු.. හැම ආත්මයකම මගේ පුතාව අම්මිට ලැබෙන්න කියලා අම්මි ප්රාර්ථනා කරනවා මගේ පන.. ගොඩක් අය මගේ පුතාට ගොඩක් ආදරේ කරනවා❤️ ඒ අයට ගොඩක් පින් 🙏 නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න ඕනි මගේ රත්තරන් පුතේ❤️🌏😘 අම්මි ගොඩක් වාසනාවන්තයි මගේ පුතා වගේ හොඳ පුතෙක් ලබන්න❤️😘 ඒ වගේම ඔයාගෙ රත්තරන් අක්කි වාසනාවන්තයි ඔයා වගේ හොඳ මල්ලි කෙනෙක් ලබන්න❤️😘 මගේ පුතාට බුදුසරණයි.'