ලෙඩ ඇඳේ ඉන්න මව වසරකටත් ආසන්න කාලයක් තිස්සේ බලන්න නොගිය මහජන නියෝජිතයකු තමා දරු පවුල සමග ගිය වන්දනා ගමනක ඡායාරූප මුහුණු පොතට එක් කර තිබියදී ඒ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරකු මුහුණු පොතට දැමූ දැන්වීමකින් මහජන නියෝජිතයාට මහ පාරේ යන්න බැස්වුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

ඔහු දකුණු පළාතේ හිටපු පළත් සභා මන්ත්‍රීවරයෙකි. දරු පවුල්කාරයෙක් ද වන්නේය. මාසයකට වරක් වත් අඹු දරුවන් සමග වන්දනා මාන කිරීමට රටේම සිද්ධස්ථාන කරා ගමන් ගියේය. ඒ යන සෑම විටකම සිය අඹුවගේ මවද එක්කර ගෙන ගියේය. 

ඔහු මෙලොවට බිහිකළ මෑණියන් ලෙඩ ඇඳට වැටුණේ දැනට වසරකට පමණ උඩදීය. ඒ ඔහුගේ සොහොයුරකු ළගය. එදා මෙදා තුර කාලයේදී ඔහු වැ මව බැලීමට නොගියේය. මවගේ පණවූයේ ඔහුය. මව් ඔහුගේ නම කිය කියා ලෙඩ ඇඳේ සිට දව්සකට දෙතුන් සැරයක්වත් කෑමොර දුන්නේ ඒ නිසාම වියඔහු සිය අඹුදරුවන් සමග වන්දනා ගමන් යන්නේ මේ අතරවාරයේදීය. 

එසේ වන්දනා ගමන් යන ඔහු එහි ඡායාරූප මුහුණු පොතට ද එක් කිරීමට ද අමතක ද නොකළේය,මේ ළගදී ගිය වන්දනා ගමනක ඡායාරූප මුහුණු පොතට එක්කළේ මේ ඊයේ පෙරේදාය.ඒ සමගම ලෙඩ ඇඳේ සිටින අම්මා බලා ගන්නා සොහොයුරා ඊට අපූරු දැන්වීමක් දැම්මේය. ඒ “ ඔය යන වන්දනා ගමන් අතරතුර අම්මා බලන්නත් වන්දනා ගමනක් දාගත්තොත් ලැබෙන පින අනන්තයි..දැනට වසරකට ආසන්න කාලයක් වනවා නුඹ අම්මා බලන්න නැවිත්” යැයි කියමිනිඒ දැන්වීමත් සමග දැන් ඔහුට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලාලු.