මාධවී ඇන්තනී කියන්නෙ ජැක්සන් ඇන්තනී ගේ ආදරණීය එකම දියණිය කියන්න බොහෝ  දෙනා දන්නවා.ඇය දක්ෂ කලාකාරිනියක්.ගයන්න යන නටන්න කියන මේ හැමදේම ඇයට හොඳට පුළුවන්. ජැක්සන් ඇන්තනීගේ වියෝවෙන් පස්සේ මාධවී ජිවිතේ බොහෝ දේවල් පිළිබඳව පාඩම් ඉගෙන ගත්තු තැනැත්තියක් විදිහට තමයි සමාජ මාධ්‍ය වල පවා විවිධ සටහන් එකතු කළේ.


කොහොම නමුත් ජැක්සන් ඇන්තනීගේ වියෝව සිදුවී සති කිහිපයක් ගතවන තැන මාධවී නැවත වතාවක් ඇයගේ අලුත් පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග සමග ජීවිතය අලුතින් පටන් ගන්න සූදානම් වෙනවා.ඒ කියන්නේ මේ දෙන්නම එකට එකතු වෙලා එකතු වෙලා අලුතෙන් ලස්සන ගේකට පදිංචි වෙන්න ගිහින්.


ඒ අවස්ථාවේ දී කිරි උතුරලා මේ සුබ මොහොතට සම්බන්ධ වෙච්චි මාදවී සහ කසුන්ට හයියක් වුණු බොහෝ පිරිසක් හිටියා.ඒ සියලුම දෙනා වෙනුවෙන් මාදවි සමාජ මාධ්‍ය හරහා ස්තුති වන්ත වෙලා තිබුනේ මෙන්න මේ විදිහටයි.ඒ වගේම ඔවුන් දෙදෙනාගේ අලුත් ජීවිතයට අපිත් හදවතින්ම සුභාශිංසන එකතු කරන්නෙමු.


"ජීවිතේ කියන්නෙ snakes and ladders බෝඩ් ගේම් එකක් නම්, මෑතකදී අපිට සර්පයින් අහු වෙලා කිහිප වරක්ම ඉදිරියට තිබ්බ අඩි කිහිපයක්ම අපට ආපස්සට තියන්න වුනා. ජීවිතේ ලොකුම හයිය වෙච්ච අප්පච්චි අසනීපෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳලා අපට අහිමි වුනා. කාලය ගලාගෙන ගියාට ජීවිතේ එක තැන පල් වෙනවා වගේ දැණුනා. ඒත් ඒ වගේ කාලෙක ඉදිරි පිම්මක් ගන්න හමු වෙච්ච පුංචි ඉණිමඟේ පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන් වුනේ මටත් Kasun Mahendra Heenatigala ටත්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුනු හයිය නිසයි. එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි Akhila Dhanuddhara ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”. ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා. ඒ වගේම ඒමි නංගි @amanda___anthony පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා. අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා. කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩි කමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුනා. අමාරුම වැඩ ටික ලේසියෙන් වුනා වගේ දැනුණේ ලොකු මල්ලි හින්දයි. කසුන්ගෙ අක්කාත්, අම්මාත් පිටිපස්සෙන් ඉඳන් ලොකු හයියක් වුනා. චූටි මල්ලිත් Sajitha Anthony බුවීත් Buvi Halvitige ඈතින් ඉඳන් උදව් කළා. ස්තූතියි මහන්සි වෙච්ච අපේ යාලුවෝ හැමෝටම. මේ ජීවිතේ ජයගත්තා කියලා සැනසුම් සුසුමක් හෙළන දාකට, ඔයාලා හැමෝම අපිට ladders වුනා කියලා අපි අමතක කරන්නෙ නෑ! ඔයාලා හැමෝටම දෙවි පිහිටයි! අප්පච්චිගෙ පිහිටයි! #blessings #goodvibes #newbeginnings "