නිරූපිකාවක් විදිහටත් වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක් ඒ වගේම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් කරලියට ආපු අලුත්ම මුහුණක් තමයි  අමන්දා සිල්වා කියන්නේ.ඇය පසුගියදා විවාහ ජීවිතයට ඇතුළත් වුණා වුණා ඒ පොලිස් නිලධාරියෙකු වූ ඩයස් වනිගසේකර නැමැති පුද්ගලයෙක් සමග.

මේ නිසාම ඇයගේ ජීවිතය ටිකක් වෙනස් වෙලා හැබැයි ඇය කරපු කියපු දේවල් ඒ විදියටම කරගෙන යන්න අමන්දාගේ සැමියාගෙන් බාධාවක් ඇවිල්ලා නැහැ.නිතරම රූපය ගැන සැලකිලිමත් වන නිරූපිකාවක් වශයෙන් ඇය අඳින්නේ පළඳින්නේ ශරීරය නිරාවරණය වූ ඇඳුම් පැළඳුම්.එනිසාම ඇතැම් නිළියන්ට වගේ අයුතු බලපෑම් ඇයට ආවේ නැද්ද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

"මම අඳින පළඳින විදිහට මම ගැන හිතෙන්නේ වැරදි විදිහට කියලා මට හිතෙනවා.මම නිරූපිකාවක් මට නිරූපනයේදී ඇඟ පෙනෙන්න අදින්න වෙන අවස්ථා තියෙනවා.එහෙම ඇන්දා කියලා මම නරක කෙනෙක් නෙමෙයි මමත් සාමාන්‍ය මනුස්සයෙක්. මට රඟපාන්න ආරාධනා කරන්නේ ම කරන්න බැරි වැඩ වලට.ඇතැම් අය වැඩවලට කතා කරනවා.මුදල් වෙනුවට පිටරටකට එක්කන් යන්නම් කියනවා.වැඩේ ගැන කතා කරන්න තනියම මුණගැහෙන්න කියනවා."

ඉතින් මේ විදිහේ අයුතු බලපෑමුත් ඇයට එල්ල වෙලා තියෙනවා.කෙසේ නමුත් ඒ සියලුම දේවල් එක්ක ජීවිතේ ඉතාමත් සුබවාදී ව ඉදිරියට යන්න අමන්දා සූදානමින් ඒ සියලුම දේවල් ඒ ආකාරයෙන් ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.