මෙරට LGBTIQ ප්‍රජාව අමානුෂික ලෙස සලකන සහ වෙනස්කම් කරන ආකාරයේ පුහුණු සැසි, දේශන හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම පොලිස් නිලධාරීන්ට තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.


ඒ, ලෙස්බියන්, සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික ප්‍රජාවේ පුද්ගලයන්ට එරෙහිව නිරන්තරයෙන් ඉහළ යන අපයෝජන, හිරිහැර සහ වෙනස් කොට සැළකීම හේතුවෙන්.


මෙම සිදුවීම් අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.



එහිදී ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අමතා පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වෙමින් අදාළ නඩුව සමථයකට පත් කර තිබේ.