සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය

.සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (8) අද (9) සහ හෙට (10) අවලංගු කර ඇති බව ද ඔහු සඳහන් කළේය. තැපැල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් ගත් මෙම පියවර නොසලකා හැරි සේවකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද සත්කුමාර මහතා කීවේය. 

තැපැල් සේවක වර්ජනය පැවතුණත් පාලක කාර්යාල සියල්ල සහ උපතැපැල් කාර්යාල කිහිපයක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ බව ද තැපැල්පතිවරයා පැවසීය. කෙසේ වෙතත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ තැපැල් කාර්යාල සියල්ලේ කටයුතු ඊයේ (08) දිනයේ ඇණහිට තිබුණු බවත් ඔහු කීවේය.