තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකුට පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑ අඹු සැමි යුවළ දෙකක් මිල්ලනිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


කොල්ලකෑ යතුරුපැදිය විකුණා සැකකරුවන් එම මුදලින් විනෝද චාරිකාවක් ගොස් ඇති බවද අනාවරණවී ඇත.


තරුණ අලෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු පාළු නිවසකට රැගෙන ගොස් පහරදී ඔහුගේ රන් භාණ්ඩ සහ යතුරුපැදිය කොල්ලකෑමේ මෙම සිදුවීම වාර්තා වුණේ හොරණ මිල්ලනිය ප්‍රදේශයෙනි.