හැටන් , කොටගල පිහිටි මවුන්ට් වර්ණන් වතුයායේ ,පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (2 දා) මුල්ගල් තැබීම සිදුවිය.


ශ්‍රී ලංකාවට ඉන්දියානු සම්භාවයක් සහිත දෙමළ ජනයා පැමිණ වසර 200 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති ‘නාම් 200’ සංවත්සර උළෙලේදී මෙම මුල්ගල තැබීම සිදුවිය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති ජීවන් තොන්ඩමාන් ද මෙ අවස්ථාවට එක්ව සිටියේය.