දෙසැම්බර් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේදී පොලිතින්, ප්ලාස්ටික් රැගෙන යෑම පාලනය කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවැසීය.


සෑම ශ්‍රී පාද වන්දනා සමයක් අවසානයේදීම පොලිතින් සහ ප්ලාස්ටික් ටොන් සිය ගණනක් ශ්‍රී පාද පරිසර පද්ධතියට එකතු වන බවත්, නල්ලතන්නිය මාර්ගයේ පමණක් විසිරී තිබෙන පොලිතින්, ප්ලාස්ටික් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මස්කෙළිය ප්‍රාදේශීය සභාවට වසරකට රුපියල් මිලියන දෙකක පමණ මුදලක් ලබාදෙන බවත් ඔහු කීවේය.



ශ්‍රී පාද පරිසර පද්ධතියට එකතුවන පොලිතින්, ප්ලාස්ටික් සියල්ල එකතු කිරීමට නොහැකිවීම නිසා පරිසරයට එයින් යම් ප්‍රමාණයක් එකතුවන බවත්, ඒවා දිරාපත් නොවීම නිසා පරිසරයට සහ එහි වෙසෙන සතුන්ට දැඩි හානියක් සිදුවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.


පොලිතින් සහ ප්ලාස්ටික් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ රැගෙන යෑම පාලනය කිරීම සඳහා ගමන් මළු පරීක්ෂා කිරීමේ ස්ථාන කීපයක් පිහිටුවීමට මෙවර කටයුතු යොදා ඇතැයි ඔහු පැවැසුවේ