සමාජ සංවර්ධන දිනය ” නිමිත්තෙන් සමෘද්ධි “රන්වියන ” නිවාස ව්‍යාපෘතිය යටතේ හෝමාගම උඩුවන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඉදිකළ නව 

“දිරිය” නිවස භාර දීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම්, මහා දිසාපති කේ.ජී.විජේසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම උඩුවන ප්‍රදේශයේ දී ඉකුත් දා සිදු කෙරිණි.

සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදලෙන් රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් හා ප්‍රදේශයේ දානපතීන්ගේ ආධාර උපකාර ඇතිව රුපියල් ලක්ෂ පහලොවක පමණ වියදමින් හෝමාගම උඩුවන පන්සල පාරේ අංක 291 / 2 ස්ථානයේ ඉදිකළ නව නිවස එහි හිමිකාරිය වන ඩබ්ලිව්. වසන්තිකා මහත්මිය වෙත දිස්ත්‍රික් මහ ලේකම් කේ.ජී.විජේසිරි මහතා විසින් භාර දෙන ලදී.

උඩුවන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා පුෂ්පකුමාරි මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම නව නිවස ඉදි කිරීම සිදුකර තිබේ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි , සමෘද්ධි සමාජ සංවර්ධන කළමණාකාර වරියන් වන ඊටා ඉලේසිංහ, වජිරා ජයතිලක , දයානි නවරත්න හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී නදීකා ලක්මිණී , කොළඹ දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමණාකරු ගෝපිකා පල්ලියගුරු , දිස්ත්‍රික් සමාජ සංවර්ධන නිලධාරී බුද්ධික වීරසේකර සමෘද්ධි බැංකු කළමණාකරු පී.එස්.වේවැල්වල , මූලස්ථාන සමෘද්ධි කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.