අපේ කලා ලෝකය තුළ ඉන්න ආදරණිය ලයාන්විත කලාකාරිනියක් තමයි රුවංගි රත්නායක  කියන්නේ. ඇය ටෙලි නිර්මාණ හරහාත් සිනමා නිර්මාණ හරහාත් ප්‍රේක්ෂකයන් හමුවට ආපු දක්ෂ කලා කලාකාරිණියක්. නමුත් පසුගිය කාල සීමාවේදී නම් රුවන්ගි පිළිබඳව වැඩිවශයෙන් අහන්න දකින්න අපිට ලැබුණේ නැහැ.

හේතුව ඇය ටික කාලයක් කලාවෙන් ඈත්වෙලා නිහඬ ජීවිතයක් ගත කරපු නිසයි.ඒකටත් විශේෂ වුණු හේතුවක් තියෙනවා.රුවන්ගේ විවාහ වුණේ ආදරයේදී විවිධ හැලහැප්පීම්  වලට මුහුණ දීලා.නමුත් අද වන විට නම් ඇය බොහොම සාර්ථක ජීවිතයක් ගත කරනවා.

ඒ විතරක් නෙමේ ඇයගේ ජීවිතයේ උතුම්  මව් පදවිය ලබන්නත් ඇය සූදානමින්.මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ එනිසාම ඇය තමන්ට ආදරේ කරන රසිකයන්ට එක්තරා සුවිශේෂී වැඩසටහනකට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

"මම ප්‍රෙග්නට් වෙලා දැන් මාස පහක්.මැරි කරලා ටික කාලයක් යද්දි ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්ණයක් තමයි මේක.මම අද තමයි ඔයාගේ වැඩසටහනට ඇවිල්ලා ඉස්සෙල්ලාම  මම මව් පදවිය ලබන්න සූදානම් කියලා කියන්නේ.මම කිසිම program එක වත් ඒ ගැන කිව්වෙ නෑ.ඇත්තටම ඒකට නම් හේතුව අර මාස තුනක් යනකම් කියන්න එපා කියලා ගෙවල්වලින් කියනවා නේ ගොඩක් සමාජය ඇයි කියනවා නේ.ඊට පස්සේ මාස තුන ගත වුණාට පස්සෙ මම හිතුවා හොදම තැනක් බලලා තමයි මේක ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනි කියලා."

ඉතින් ඒ විදියට අදහස් දක්වපු අය ඉතාමත් ආසාවෙන් බලාපොරොත්තුවෙන් උතුම් මව් පදවිය ලබන්න බලාගෙන ඉන්නවා කියන දේ තමයි සඳහන් කළේ.අපිත් මෙ ආදරණිය කලාකාරිනිය ට නිදුක් නිරෝගී දරු උපතක් සිදු කිරීමට හැකියාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.