Slider

මහ පාරෙදි වෙරි මරගාතේ 30හේ සහ 43 කාන්තාවන් දෙදෙනෙක්ගෙන් පොලිස් නිලධාරියකුට ගුටි පූජාවක්

 


කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ  කාර් රථයක් නතර කරගෙන ඊයේ ( 5)මධ්‍යම රාත්‍රී 12 .00 පමණඑම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින්පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

වෙරි  මරගාතේ පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කාර් රථය ද පොලිස්  බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ  රාජකාරි කරන මෙම පොලිස් කොස්තාපල්වරයා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු සමඟබීමතින් රිය පදවනරියදුරන් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව සිට ආපසුපොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo