2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත් පිතිකරුවා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් සමත් විය.


ඒ අද (07) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගයේදීය.


ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128කදී නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 201කි.


ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 10ක් සහ හතරේ පහර 21ක් ඇතුළත් වේ.


මැක්ස්වෙල්ට අනගි සහායක් ලබාදෙමින් පැට් කමින්ස් පන්දු 68කදී ලකුණු 12ක් රැස්කර ගත්තේය.


මැක්ස්වෙල් සහ පැට් කමින්ස්ගේ ලකුණු සබදතාව 202කි.



මැක්ස්වෙල් ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් වාර්තා කිහිපයක්ම අලුත් කිරීමට සමත් විය.



* එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ තෙවන ක්‍රීඩකයා ‌බවට පත්වීම.


* ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීම. මීට පෙර ෂේන් වොස්ටන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 185කි.


* එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.


* ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක් සබදතාවක් පවත්වා ගැනීම. මීට පෙර ඕස්ට්‍රේලියානු පිලේ 8වන කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු සබදතාව 119කි.


* එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 138ක සබදතාවය බිදදැමීම.