ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇත.


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්ව හා විධායක කමිටුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව දෙවැනි ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර”මිලියන 330ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ට ආසන්න විස්තීරණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම් ගතව ඇති අතර එම ණය මුදල කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙයි.