වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 1,135ක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය නිවේදනය කරයි.


සැප්තැම්බර් මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175ක් සොයා ගැනීමට හැකි වූ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේය.



රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩිම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කිරීමට පියවර ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කර තිබේ.