දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවය.



දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී, වැසි ඇති වේ.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.