තම උගුරේ පවතින ආබාධයක් සදහා මිතුරෙකු ලබා – දුන් උපදෙසක් අනුව මැතිරූ දෙහි ගෙඩියක් ගිලීමට ගිය පුද්ගලයෙකු දෙහි ගෙඩිය හිර වීමෙන් පෙරේදා (14) දින මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.


 මෙලෙස මිය ගොස් ඇත්තේ පාදුක්ක බෝපේ ගුරුලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කුමාර ශාන්ත වැළිකන්න නමැති 48 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළකු බව පොලිසිය කියයිමියගිය පුද්ගලයාගේ උගුරේ රෝගී තත්ත්වයක් ඇති බැවින් ඒ සඳහා රෝහලින් ප්‍රතිකාර ලබන අතරතුර මිතුරෙකු ලබා දුන් උපදෙසක් මත මතුරන ලද බව කී දෙහි ගෙඩියක් ගිලීමට යාමේ දී එම දෙහි ගෙඩිය උගුරේ හිර වීම නිසා එම ස්ථානයේම ඇද වැටී දඟලමින් සිටිය දී ඥාතීන් එක්ව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි ද පොලිසිය පවසයිඅදාළ පුද්ගලයා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් සිටි බව රෝහල් පරිපාලනය පොලිසිය දැනුවත් කළ බව පාදුක්ක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.


 මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පාදුක්ක මරණ පරීක්ෂක වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා පැවැත්වීමට නියමිත අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇත. අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.