මධුමාධව අරවින්ද කියන්නේ කොයිකාගෙත් ආදරේ දිනා ගත්තු ආදරණීය කලාකරුවෙක්.පසුගියදා ඔහු දක්ෂිණ අධිවේගී  මාර්ගයේ දී හදිසි අනතුරකට මුහුණ දුන්නා.හේතුව ලෙස සඳහන් වුණේ බීමතින් රිය පැදවීම ලෙසයි.ඒ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයට සිදු වූ හානිය ලක්ෂ 5ත් 6ත් අතර  ප්‍රමාණයක මුදල් හානියක් බවත් සමාජ මාවත තුළ හුවමාරු වුණු පුවත් අතර සඳහන් වුණා.


.කෙසේ නමුත් මේ අනතුර සම්බන්ධයෙන් මධුමාධව අරවින්ද තමන්ගේ මුහුණු පොතේ හැමදාමත් වගේ කවියෙන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


'කැනි මඩල පලාලා

සුනු විසුනු කලා බැරියර්.......


මේ තමා මම ආසම කොමෙන්ට් එක...


ඒකෙ ආදරය..

උපහාසය.. දෙක තුනම තිබ්බ....


ඒක ලියපු නිර්මාණශීලී මිනිසා හෝ ගැහැනියට ස්තුති වෙන ගමන්....


හොයා බැලූ,  ඉන් බොක්ස් වල කියවල ඉවර කරන්න බැරි තරම් හොයපු, w up, sms, call මේ හැම විදිහටම ආදරේ දුන්න හැමෝටම ස්තූතියි.......


නින්දෙන් නැගිට්ටවූ වෝටර් බැරියර් නොතිබුනානම්... කතාව වෙනස් වෙයි...ඒ නිසා ඒකට දඩ  ගෙව්වට පව් නෑ..🙏


වෝටර් බැරියර් දහයක් ටක ටක ගාල වැදිල නින්දෙන් ඇහැරුව විතරක් නෙවෙයි වේගයත් අඩාල කරල දුන්න... 


ඒ මනුස්සයෙක් උනානම්...

පොලිස් ඇප ලැබෙන්නෑ ගොයියො...


හයි වේ එකෙන් පිට වෙන වාහනයක් , ලොරියක්, බවුසර් එකක් ඉස්සරහට ගියානම්.. අද මම නෑ.. බොල ඉන්නවා.. මට එහෙ ගිහිනුත් හූල්ල්ල මැරෙන්න වෙන්නෙ..🤣


මාව නරක් කරන්නෙ,මගෙ නෝන..


මගෙ මහත්තයට හීරිලවත් නෑ නෑද අහල..

වෝටර්බරියර් වලට පිං පතුව එයා....

උන් කුඩු පට්ටම් උන එක ගැන සතුටු උනා...


ඒ වගේම මගේ වටිනකම මට කියාදුන්..


ආදරනීය ගොසිප් වැසියන්...


මාව නොගිය කූඩුවෙ දාල හරි ..

හැම පත්තරේම මුල් පිටුවෙ තියපු, සහ ඒව රූප පෙට්ටිවල කියවපු අපේ උන්ටත් ස්තුතියි ....


දිග හෑලි ලියල , දැන් මම නැති දේශපාලන පක්ශවල නම් ලියල මම බුදුසාදුට වගේ සම කරන්න හදපු සුන්දරයොත් මාව දන්න අයත්දන්නව මන් නමින්ම මදු .....කනවා, බොනවා.. 😊


මදු මිසක් බුදු නෙවෙයි...මම🤣


හීරිල්ලක්වත් නැතිව අවසන් 

නිදි මදු සමය ඉවර උන සද්දය මට නැගිට්ටුව, ඒ නැගිට්ට මට මම ම ආදරේ කරයි මීට වඩා..


යකූ......කලින් කියනන් තිබ්බනෙ...

ඔයතරම් මන් ගැන හොයනවා කියල..


එහෙනම් මීට වඩා හොදට යමක් කරගන්නව..හීරිල්ලක්වත් නැතිව මෙහෙම හොයනවා කියල දැනන් හිටියනම්, යාලුවෙක්ව දාගෙන ගිහින් ඒකගෙ,අතක් පයක් හරි කඩනවා අම්මප..


ඇත්ටටම කියන්නෙ...

ආදරෙන් ඒහෙම්  හෙව්වත්

අදරේ නැතිව එහෙම හෙව්වත්....


ඒ හැමොම මාව හොයලා, තිබ්බ...


උන්ට මාව මතක තිබ්බ.....


එහෙනම්... ඊලග අඩව්ව අල්ලනකම්...


මදු සම්බන්දයි......


මදු මාදව බැරියර් බින්ද..