අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිත ව තිබේ.



රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ අද සවස 03ට ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.



රිය අනතුරකට ලක් ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී, පසුගිය සදුදා අලුයම අභවප්‍රාප්ත විය.



රංගන ශිල්පියෙක්, ගී පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් , මෙන්ම ඉතිහාස විශ්ලේෂකයකු ලෙස සිය ප්‍රතිභාපූර්ණ හැකියාව පෙන්නුම් ජැක්සන් ඇන්තනී මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදියකුද වේ.ගුරුගෙදර, අයෝමා, ලොකු දුව, සූරිය අරණ, අග්නිදාහය, මිල්ල සොයා, ප්‍රවේගය, ඇඩ්රස් නෑ සහ ධර්ම යුද්ධය ඇතුළු චිත්‍රපට බොහෝමයකට ඔහු සිය රංගනයෙන් දායක විය.



එමෙන්ම මෙරට ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.


දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනී සිය අද්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබාදීම වෙනුවෙන් ද අතිවිශාල කැප කිරිමක් සිදු කරනු ලැබීය.