ඉදිරියට සති හතරක කාලයක් සමගි ජනබලවේගයේ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගිවීම කථානායකවරයා විසින් තහනම් කළා.


මීට හේතුව වුයේ පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මන්ත්‍රීවර් වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විසින් පාර්ලිමේන්තුවේ සැසිවරය පවත්වන විට කථානායකවරයා ඉදිරියේ තැම්පත් කර තිබු සෙන්කෝලය ස්පර්ෂ කිරීමයි.


පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු මන්ත්‍රීවරු වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ එකිනෙකා අතර ඇතිවු නොසන්සුන් කාරි තත්වයක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10 ට කල් තැබීමද   මීට පෙර සිදුකළා.