කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න ඊයේ සිදු කළා.


ඒ ඊයේ එම ප්‍රදේශය නිරික්ෂණය කිරීමෙන් පසුවයි.

එහිදී මහාචාර්යවරයා පවසා සිටියේ කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විවර තුළින් ජලය ගමන් කිරීම නිසා ඇතිවන හඬක් බවය.

එය බරපතළ තත්ත්වයක් නොවන බවද මහාචාර්යවරයා පවසා තිබෙනවා.