ඇත්තටම ක්‍රීඩාව කියන දේ ලංකාවේ ප්‍රධානම අංශයක් බවට පත් වුණත් ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරන රජයක් නම් ලංකාවේ එදා වගේම අදටත් බිහිවුණේ නැහැ.එනිසාම නොයෙකුත් අවස්ථාවන් වල දී ලංකාවේ අතිශයින්ම දක්ෂ ක්‍රීඩකයන් ට සිද්ධ වුණා තමන්ගෙ දක්ෂතාවයන් හංගාගෙන ලංකාවට පමණක් ම සීමා වෙච්ච චරිතයක් බවට පත් වෙන්න.


ඉතින් අද මේ කියන්න සූදානම් වෙන්නේ කොයි කොයි තරම් දුෂ්කරතා බාධක තිබුණත් හෙට දවසේ cricket ක්‍රිකට් ලෝකය තුළ බැබලෙන තරු බවට පත් වෙන්න උත්සාහ දරන හරි අපූරු පිළිබඳවයි.ඇත්තටම මේ සුන්දර ක්‍රිකට් ක්‍රීඩකයන් තාමත් පාසල් යන වයසේ පසුවන දරුවන් වීම විශේෂයි.


ඇත්තටම අපේ කතාවේ පලවෙනි චරිතය තමයි කාවින්ද කියන්නේ.කාවින්ද ගැන කතා කරද්දී කාවින්ද ට තියෙන වෙන කාටවත් නැති සුවිශේෂී හැකියාවක්.ඔහු වේගවත් පන්දු ඉලක්කගතව යොමු කිරීමට දක්ෂ පළපුරුදු ක්‍රීඩකයෙක්.කාවින්ද ගැන කතා කරද්දී ඔහුගේ විශේෂත්වය තමයි ඔහු පන්දු යොමු කරන්නේ ඉන්දියාවේ අතිශයින් දක්ෂ ක්‍රීඩකයෙක් වන jasprit bumrah   පන්දු යොමු කිරීමට සමාන ඉරියව්වකින්.


ඉතින් කාවින්ද කවදාවත් ඔහුව අනුගමනය කරලා නැහැ නමුත් ඔහුට මේ ආකාරයෙන් පන්දු යවන එක හරිම පහසුයි කියලා කියලා තමයි සඳහන් කරන්නේ.කාවින්ද අධ්‍යාපනය ලබන්නේ ඉඹුලාන ශ්‍රී සේන ජාතික පාසලේ.මුල් කාලය පාසලට ආපු ක්‍රීඩා උපදේශක වරයෙක් ගේ අනුදැනුම මත තමයි කාවින්ද ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ.කෙසේ නමුත් ඒ සියල්ලම දක්ෂතාවයන් හැකියාවන් එක්ක කාවින්ද ට අද ඉන්දියාවේ අති දක්ෂ ක්‍රීඩකයෙක් හා සමානවම ක්‍රීඩා කිරීමේ ක්‍රීඩා කෞශල්‍යයක් පිහිටලා තියෙනවා.එනිසාම නුදුරු අනාගතයේදී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කාවින්ද ට තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි.


කාවින්ද ගැන එහෙම කතා කරද්දි මේ කතාවෙ තවත් අතිශයින්ම දක්ෂ සුන්දර පොඩ්ඩෙක් ඉන්නවා.ඔහු නමින් හිමංස.හිමංස ට අවුරුදු නවයයි.ඔහුගේ විශේෂත්වය තමයි ඔහුට ඉතාමත් සාර්ථක ආකාරයෙන් පන්දුවට පහරදීමට හැකියාව පිහිටා තිබීම.ඔහු පාසලේ  දහතුනෙන් පහළ කණ්ඩායමේ වයසෙන් අඩුම ලාබාලතම ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරනවා.ඔහු opening batmen කෙනෙක් විදිහට තමයි තරග කරන්නේ.


ඉතින් මේ දරුවන් සතු හැකියාව නිම කළ නොහැකි අසමසම හැකියාවක්.එනිසාම පසුගියදා ඔවුන් සුදුසුකම් ලැබුවා ඉන්දියානු තරග සංචාරයක් සඳහා තරග කිරීමට සහභාගි වීමට. නමුත් අවාසනාවකට රජය ඔවුන් වෙනුවෙන් වියදම් දරන්න සූදානම් වුණේ නැහැ.


ඒ නිසාම මේ සංචාරය සඳහා සහභාගී වෙනවාද නැද්ද කියන චකිතය හැමෝගෙම හිතේ තිබ්බා.හැමෝටම අවශ්‍ය කරන මුදල් සොයා ගැනීම සඳහා මේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේ ආදරණීය අම්මලා තාත්තලා නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් පාරක් පාරක් ගානේ ගිහින් ඒ සඳහා අවශ්‍ය කරන උත්සාහ කළා.


ඉතින් ඒ සියලුම කැපකිරීම් මැද අවසානයේ ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය මේ සුවිශේෂී ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියානු තරග සංචාරය සඳහා සහභාගී වී එම තරගය තරඟය ජයග්‍රහණය කිරීමට වරම් ලැබුණා.ඇත්තටම කිසි කෙනෙක් ගේ අනුග්‍රහයක් උපකාරයක් නැති තැන ඔවුන් මේ ලබාගත් ජයග්‍රහණය පිළිබඳව තව මොන කතාද.


මේ සුවිශේෂී ක්‍රීඩකයන් ජයග්‍රාහි ජයග්‍රාහී මාවත කරා රැගෙන යන ඒ පුහුණුකරු නමින් චතුරංග ඔහු ගැනත් සඳහනක් කළ යුතුමයි.කාගෙන්වත් උදව් උපකාර ලැබුණේ නැතත් තමන් යටතේ ඉන්න දරු දැරියන්ට අවශ්‍ය කරන සියළුම පුහුණුව ලබාදෙමින් ඔවුන් දවසක ජාත්‍යන්තරය නියෝජනය කළ ක්‍රිකට් තරු කිරීම තමයි ඔහුගේ මූලික අරමුණ.


ඉතින් ඒ අරමුණට අපි සියලුම දෙනා උදව් උපකාර කළොත් කාවින්ද ,හිමංස වැනි  පුංචි දරුවන්ට මේ ලෝකය සහ ජාත්‍යන්තරය ජයගැනීමට හැකි සුවිශේෂී හැකියාවන් සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් චරිත බවට පත්වීමට හැකියාව ලැබෙනවා නොඅනුමානයි.


ඉතින් ඔවුගේ දක්ෂතාවය තව තවත් වර්ධනය කර ගැනීමට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.