පසුගිය දවසක කලාවේ තවත් සුවිශේෂී දැවැන්ත චරිතයක වියෝව ගැන අපිට අහන්න දකින්න ලැබුණා.සකල කලා සක්විති කියන අනුවර්ත නාමයෙන් පටබැඳුණු ජැක්සන් ඇන්තතී කියන ඒ සොඳුරු කලාකරුවාගේ  වියෝව අදටත් බොහෝ දෙනෙක්ට දරාගැනීමට නොහැකි ශෝකී අවස්ථාවක් වුණා. ඒ වගේම තමයි අවමංගල්‍ය කටයුතු  අවස්ථාවේදී සජිත විසින් සඳහන් කළ ස්තූති කතාව සමාජයේ බොහෝ  දෙනෙක්ගේ කතාබහට ලක්වුණා.


ඒ විතරක් නෙවෙයි සෝමරත්න දිසානායක මහතා ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරා කියන කතාව බොරුවක් කියන දේ සමාජය තුළ පැතිරුණා.හේතුව  සජිත ස්තූති කතාව කරන අතරතුරේ දී සඳහන් කරා ජැක්සන් රෝහල් ගතකළ ඒ රෝහල් ටිකට් පතේ නම සඳහන් වෙලා තියෙන්නෙ ප්‍රියන්ත කියලා ඒ නිසා අපි දන්නැති ප්‍රියන්තට තාත්තා වෙනුවෙන් නම දුන්නට බොහොමත්ම ස්තුතියි කියන දේ ඔහු මතක් කරා.


ඊට පස්සේ බොහෝ දෙනෙක් අහන්න පටන් ගත්තා ප්‍රියන්ත කියලා පුද්ගලයෙක් ජැක්සන්ව රෝහල්ගත කරානම්  සෝමරත්න දිසානායක ජැක්සන් රෝහල්ගත කරා කියපු  ඇත්තක්ද බොරුවක්ද කියන දේ සම්බන්ධයෙන්.ඒ නිසාම සමාජය තුළ පැතිරෙන ව්‍යාජ කටකථා හේතුවෙන් සෝමරත්න දිසානායක අද ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රකාශයක් සිද්ධ කළා.



ඒ ප්‍රකාශය අතරතුර  සෝමරත්න දිසානායක මහතා සඳහන් කළේ ඔහු ජැක්සන් රෝහල්ගත කළ අවස්ථාවේදී හැමතැනම අදාළ වෛද්‍යවරුන් හොයන්න දිව්වා මිසක ඔහුගේ ටිකට් පතට නමක් දෙන්න ඔහුට එක එතරම් අවශ්‍ය වුණේ නැහැ කියන දේ.ඒ කියන්නේ අවශ්‍යම මොහොතේ අවශ්‍ය ම දේ කරා මිසක  වෙනත් දෙයක් වෙනුවෙන් ඔහු  හිත යොමු කළේ නැහැ කියන දේ.


නමුත් සමාජ මාධ්‍ය වල මේ කතාව වෙනස් විදිහකට තමයි ප්‍රචාරය වුණේ.ඒ වගේම තමයි සජිත්ට යම්කිසි මඟ හැරීමක් සිද්ද වෙන්න ඇති සෝමරත්න දිසානායක මහතාගෙන් නම ඒ අවස්ථාවේදී ස්තුතියි කතාවේදී සඳහන් කරන්න.ඊට පස්සේ සෝමරත්න දිසානායකයන් කළ ප්‍රකාශය දී සඳහන් කළේ නම් ගම් ගහගන්න ඔව් මේ දේ කළේ නැහැ සහ එවැනි ස්තුති කතාවක දී ඕනෑ තරම් මගහැරීම් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ.


ඒ වගේම ඉතාමත් සාර්ථක ලෙස කතාබහ කරලා හොඳට හිටපු ජැක්සන්ට දෙවැනි දෙවන ශල්‍යකර්මයට පස්සේ ඇත්තටම සිද්ධවුණේ මොකද්ද කියන දේ සම්බන්ධයෙන් වෛද්‍යවරු අදහස් දැක්විය යුතුයි කියන තැන සෝමරත්න දිසානායකයන් ඉන්නවා.ඒ ගැනත් මතක් කරමින් අවසානයේ ඔහු ජැක්සන් ගේ ආදරණීය පුතාලා දෙන්නට හිතන්න පුළුවන් හිටිය යුතු අපූරු උපදෙසක් ලබා දෙන්නත් අමතක කරේ නැහැ.


"මම සලකන්නේ සජිත මගේ දරුවෙක් විදිහට. ජැක්සන් කියලා තියෙනවා මම පුතාලා දෙන්නගේ ජීව විද්‍යාත්මක පියා ඒත් සිනමාවේ පියා මම කියලා.මම අදත් ඒ දරුවන්ට සලකන්නේ සලකන්නේත් මගෙම දරුවෝ වගේ.මම විශ්වාස කරනවා ජැක්සන් ඇන්තනී කියන මේ අසාමාන්‍ය කලාකරුවා අපේ කලාව තුළ යම්කිසි හිඩැසක් නිර්මාණය කළා කියන දේ.මං කියන්නේ කිසි කෙනෙකුට ඒ හිඩැස පුරවන්න කියලා.හැබැයි අඩු ගානේ  ජැක්සන්ට සමීප වෙන්න පුළුවන් ඒ පුතාලා දෙන්නට.


මම ඒ නිසා සජිත පුතාට අකිල පුතාට කියනවා පුතේ තාත්තාගේ අඩි පාරේ යන්න,තාත්තගෙන් රංගනය ඉගෙන ගන්න,තාත්තගෙන් කලාව ඉගෙන ගන්න,තාත්තගෙන් සාහිත්‍ය ඉගෙන ගන්න   තාත්තගෙන් මනුස්සකම ඉගෙනගන්න


ඉතින් ඔන්න ඔය විදියට තමයි සෝමරත්න දිසානායක  පැතිර පැතිර  යන  කතාවට හරිම උත්තරේ ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් හරහා සඳහන් කර තිබුණේ.