සමනල වැව ජලාශයේ සිදුරු තවදුරටත් පැවතීම දැඩි අනතුරුදායක තත්ත්වයක් බව භු විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.


පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ භු විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව පවසා ඇති බවය.


ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ඊට අදාළ පාර්ශ්ව කැඳවා කරුණු විමසු අවස්ථාවේ මේ සම්බන්ධයෙන් භු විද්‍යාඥයින් විසින් අනතුරු අඟවා ඇති අතර බලධාරින්ගේ පාර්ශ්වය වන විදුලිබල මණ්ඩලය මෙම කාරක සභා රැස්වීම මඟහැරි බවය.


දැඩි වර්ෂාව සහිත අවස්ථාවලදී කොළඹ නගරයේ රැස්වන ජලය බැසයාමට තවදුරටත් නිසි ව්‍යපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට පියවර ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.