51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බවට දේශපාලන පක්ෂවලින් සහතිකයක් ලැබෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජාතික පුවත්පතක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර දී.


වැඩිදුරටත් ඔහු සඳහන් කළේ පොදු ජන පෙරමුණ ද ඇතුළු දේශපාලන පක්ෂ වලින් ඒ සඳහා සහතිකය අවශ්‍ය බවයි.