ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇත.


එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.



ඒ අනුව මෙලෙස මියගොස් ඇති අනුලා ජයතිලක නමැති කාන්තාවගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිතය.