සිමෙන්ති ආනයනය කරන සමාගම් විසින් මිල වැඩි කිරීමට කටයුතු කරගෙන යන බවත් එය වැළැක්විමට රජය විසින් ඉක්මනින් ක්‍රියාමාර්ග ගතයුතු බවත් ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති සහ හිටපු ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.


අද(10) දින ඇල්පිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.


විදුලි බිල ඉහළ දැමීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට මෙන්ම සියලු ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට ද වැඩි වියදමක් දැරීමට සිදුවන බවත් රජය විසින් මෙරටට භාණ්ඩ ආනයනය කිරීමට ඊයේ(09) සිට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් මෙරටේ ඇති විදේශ විනිමය ප්‍රශ්නය මත මෙය පාලනය සිදුවිය යුතු බවත් ඔහු