Slider

ජාත්‍යන්තර වෙළඳපල සමග තරගකාරී ලෙස අභියෝග ජය ගනිමින් ඉදිරියට යන ලිට්රෝ සමාගම

 


වර්ෂා කාලය උදා වීමත් සමගම මිනිස්සුන්ට වෙනදාටත් වඩා එල්පී ගෑස් පරිභෝජනයේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. ඒ නිසාම වර්තමානයේ ලංකාවේ බහුතරයක් දෙනා ආහාර පිසීමේ කාර්යය සඳහා භාවිතා කරන්නේ ලිට්රෝ ගෑස් කියන දේ ආයේ අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ.


ලිට්රෝ සමාගම කියන්නේ ගරු මුදිත පීරිස් මැතිතුමාගේ නායකත්වය යටතේ අනාගත දැක්මක් සහිතව ඉදිරියට යන සමාගමක්.ඒ නිසාම ලෝක වෙළඳපලේ එල්පී ගෑස්වල මිල උච්චාවචනයන් සිදුවන ආකාරය,ඒ අනුව නම්‍යශීලී වෙමින් ලංකාවේ වෙළදපළේ මිල කොතරම් ප්‍රමාණයකින් අඩු වැඩි විය යුතුද කියන දේ සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉතා වැදගත් මිල සූත්‍රයක් ලිට්රෝ සමාගම මගින් හඳුන්වා දුන්නා.ඒ මිල සූත්‍රයට අනුව තමයි ලංකාවේ ගෑස් වෙළෙඳ පොළ තුළ මිල අඩු වැඩි වීම් සිදු වුණේ.


මාස කීපයක් පුරාවටම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ එල්පී ගෑස් සිලින්ඩරයක  විටින් විට මිල වැඩිවීම සිදු වුණා.ඒ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම වෙනදටත් වඩා වැඩි අවධානයක් යොමු කළා.ඒ නිරීක්ෂණය සහ අවධානය නිසාම තවදුරටත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යම්කිසි මුදලකින් වැඩි නොකළහොත්  ආයතනය පාඩු ලැබීම,මිල මුදල් හිඟවීම,ඉතිරි කටයුතු අකාර්යක්ෂම වීම වැනි ප්‍රශ්න රැසකට මුහුණ දීමට නියමිතයි කියන දේ ලිට්රෝ  සමාගමේ නායකත්වය දුර තියා දැක්කා.


මේ හේතු කාරණා නිසාම මේ මස 12.5  kg ගෑස් සිලින්ඩරයක මිල රු.343 කින්ද  5 kg ක බර ඇති සිලින්ඩරයක් රු.137කින් සහ 2.3kg බරැති සිලින්ඩරයක මිල  63කින්  වැඩි කිරීමට ලිට්රෝ සමාගම තීරණය කළා.ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි ජනවාරි මස ලිට්රෝ සමාගම මිල සංශෝධනයක් කළා.ඒ වන විටත් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ගෑස් සිලින්ඩරයක මිල අද තියන ඩොලර් 611 කියන මිලට තමයි තිබුණේ. 


නමුත් ඒ අවස්ථාවේ 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල සමාගම විසින් ප්‍රකාශයට පත් කළේ රුපියල් 4409 යනුවෙන්.නමුත් අද වෙන විට ලිට්රෝ  සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය,තොග කළමනාකාරීත්වය,අනවශ්‍ය වියදම් පාලනය කිරීම වැනි හේතූන් නිසා මිල වැඩි කිරීමට සිදු වුණත් එය යම්කිසි මට්ටමකින් පාලනය කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක්.


ඒ වගේම පිට පිටම රුපියල් දෙදහක වැනි මුදලකින් ගෑස් මිල අඩු කිරිමට ලිට්රෝ  සමාගම පසුගිය කාල වකවානුව තුළ තීරණය කිරීමත්,එකම මිල යටතේ මාස කීපයක්ම පාරිභෝගිකයන්ට එල්පී ගෑස් ලබාදීම වැනි තීරණ ගැනීමටත් ලිට්රෝ සමාගම රජයේ ආයතනයක් වශයෙන් කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුමයි.


කෙසේ නමුත් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වුණත් එය ලාංකීය පාරිභෝගිකයන්ට දරන්න පුළුවන් මිලක් යටතේ  ලබා දීම තමයි ලිට්රෝ සමාගමේ එකම අරමුණ.ඉතින් දූරදර්ශී නායකත්වය දරන මුදිත පිරිස් මහතා ඇතුළු සියලුම දෙනාට එකී කාර්යය සාර්ථකව කරගෙන යාමට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා එක්කරමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo