කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙව් කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

 සැකකරු මාස 8 ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා තීරෝද රථ 21 ක් සොරා ගෙන තිබූ බව පොලිසිය කියයිඑම තීරෝද රථ වලින් හයක් සහ ඉතිරි තීරෝද රථ වල සියලු කොටස් පොලීසිය මගින් සොයාගෙන ඇත'

 තීරෝද රථයක් අඩු මුදලට විකිණීම සඳහා පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැල අනාවරණය වූ බව පොලිසිය කියයි සැකකරු විසින් වැල්ලම්පිටිය, දෙමටගොඩ, මිහිජය සෙවන, මට්ටක්කුලිය, ආදී ප්‍රදේශවල මහල් නිවාස පාමුල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන හංවැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඒවායේ පාට වෙනස් කර සහ කොටස් කර විවිධ පුද්ගලයන් වෙත මුහුණු පොත හරහා අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 චැසි සහ එන්ජින් අංක වෙනස් කර එහි ලියා පදිංචි සහතිකය නැති වූ බව පවසමින් සහ වාරික ගෙවීමට අපහසු බව පවසමින් මෙම තීරෝද රථ අඩු මුදලට විකුණා ඇතැයි පොලීසිය කියයි සැකකරු මෙම ජාවාරම සඳහා හවුල් කරගත් ගරාජ් හිමියා මේ වන විට විදේශ ගතව සිටින අතර ඊට හවුල් වූ කෑගල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයකු ද ප්‍රදේශය හැර සැඟව ඇතැයිද පොලිසිය කියයිසැකකරු සොරා ගෙන තිබූ ත්‍රිරෝද රථ, කිරිබත්ගොඩ ,රඹුක්කන වෙන්නප්පුව, සහ කොළඹට තදාසන්න ප්‍රදේශයේ කීපයක ට විකුණා තිබීයදී හා හංවැල්ල ගරාජය තුළ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත