පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරට වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (24) පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී පැවසීය.




ඉන් ගැහැණු දරුවන් 22කු ගැබ් ගැනීම් සිදු වී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


ළමා ආරක්ෂණ අධිකාරියේ දත්තයන්ට අනුව 2021 වර්ෂයේ පමණක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ළමා අපයෝජන සිදුවීම් සංඛ්‍යාව එකොලොස්දහසකි.



2022දී වාර්තා වූ සියලු ළමා අපයෝජන සිදුවීම් අතුරින් 41%ක් ලිංගික අපයෝජනයන් වන අතර මෙලෙස මෙම වසරේ පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් වාර්තා වී ඇති වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන් දූෂණය කිරීමේ සිද්ධීන් සංඛ්‍යාව හා සසදා බලන මෙම වසරේ විශාල ඉහළ යාමක් බවද හෙතෙම කීවේය.