කුරුණෑගල සිට කුඹුක්ගැටේ දක්වා ධාවනය වන බස් රථයක ගමන් ගස් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකු සහ ඊට අනුබල දුන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පාසල නිමවී නිවෙස බලා යෑමට අදාළ බස් රථයට මෙම සිසුවිය නැග ඇති අතර, ඇය බැසිය යුතු ස්ථානයේ බස් රථය නොනවත්වා තවත් කිලෝමීටරයක පමණ දුරක් ඇයව සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


ඒ වන විට බස් රථයේ සිට ඇත්තේ සිසුවිය සහ සැකකරුවන් තිදෙනා පමණි.


ඒ අනුව, බස් රථය අතර මඟ නවත්වා, රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින් බස් රථයේ දොර වසා, වීදුරු ආවරණද දමා අනෙක් සැකකරුට දැරිය අපයෝජනය කිරීමට ඉඩ සලසා දී ඇති බව සඳයන්ය.


පසුව සැකකරුවන් ඇයට නිවෙස වෙත යෑමට ඉඩ සලසා ඇති අති අතර, ඇය පාසලේ ගුරුවරියකට මෙම සිදුවීම හෙළිකිරීමෙන් අනතුරුව පොලිසිය වෙත එය වාර්තා වීමත් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.